More

    Revenge (2017) Sinhala Subtitle (සිංහල උපසිරැසි)

    - Advertisement -
    - Advertisement -
    - Advertisement -

    Action, Thriller චිත්‍රපටවලට ප්‍රිය කරන අය වෙනුවෙන් තමයි මේ චිත්‍රපටය උපසිරැසිගන්වලා අරගෙන ආවේ. හින්දි චිත්‍රපටම පමණක් උපසිරැසි ගන්වන නිසා වෙනසකටත් එක්ක ඉංග්‍රීසි චිත්‍රපටයක් උපසිරැසි ගන්වන්නට හිතුනා. ඉංග්‍රීසි කිවුවාට මේ චිත්‍රපටයේ හරි අඩක් විතරම දෙබස් තියෙන්නේ ප්‍රංශ භාෂාවෙන්. ආරම්භයේ පටන් අවසානය දක්වාම එක හුස්මට නරඹන්න පුලුවන් චිත්‍රපටියක් කිවුවොත් වැරදි නැහැ. IMDB දර්ශකයත් 6.4/10ක් ලෙසින් සටහන් කරගන්න සමත් වෙලා තියෙන මේ පලිගැනීමේ කතාව අධ්‍යක්ෂණය කරලා තියෙන්නේ Coralie Fargeat කියන අධ්‍යක්ෂකවරයා. Matilda Anna Ingrid Lutz, Kevin Janssens, Vincent Colombeල Guillaume Bouchède කියන රංගන ශිල්පීන් රංගනයෙන් දායක වෙනවා. මේ මුලු චිත්‍රපටය පුරාම දක්නට ලැබෙන්නේ චරිත 5ක් පමණයි. එයිනුත් එක චරිතයක් විනාඩියකටත් අඩු කාලයක් පමණයි. ප්‍රධාන චරිත 4ක් වටා තමයි කතාව ගෙතිලා තියෙන්නේ.

    ජෙන් හ රිචඩ් බොහොම පිටිසර ජන ශූන්‍ය පළාතක තියෙන නිවෙසකට එනවා නිවාඩු පාඩුවේ කාලය ගත කරන්න. ඔවුන් ආදරවන්තයෝ නමුත් රිචඩ් කියන්නේ විවාහකයෙක්. ඒ වගේම ධනවත් කෙනෙක්. ඔය අතරෙදි රිචඩ්ගේ ස්ටෑන් සහ දිමිත්‍රි කියන මිත්‍රයෝ දෙන්නෙකුත් එනවා රිචඩ් සමගින් දඩයමේ යෙදෙන්න. ඒක ඔවුන් වාර්ශිකව මේ පළාතෙදි සහභාගී වෙන ක්‍රීඩාවක් වගේ දෙයක්. දඩයමේ යන්න අවශ්‍ය කටයුතු ලෑස්ති කරගන්න රිච්ඩ මේ නිව‍සින් පිටත් වෙලා ගියාට පස්සේ සිදුවෙන සිදුවීමක් නිසා ජෙන් සහ මේ මිතුරන් තුන් දෙනා අතරේ ලොකු ගැටුමක් ඇති වෙනවා. ඒ සිදුවීම මොකක්ද කියලා චිත්‍රපටිය නරඹද්දි ඔබට තේරේවි. මේකේ ප්‍රතිඵලයක් විදියට ජෙන්ට සිද්ද වෙනවා මරු කටටම යන්න. හැබැයි වාසනාවකට මරුකටින් ගැලවෙන ජෙන් අර පාපකාරී මිත්‍රයන් තුන්දෙනාට එරෙහිව කරන සටනත් එක්ක තමයි චිත්‍රපටය ගලාගෙන යන්නේ.

    මේ චිත්‍රපටයේ ඇතුළත් වෙන ඇතැම් දර්ශන නිසා මේ චිත්‍රපටිය වැඩිහිටියන්ට පමණක් සුදුසු චිත්‍රපටියක් විදියට තමයි හඳුන්වන්න වෙන්නේ. නිරුවත් දර්ශන වගේම දරුණු පහරදීම්, වෙඩි තැබීම්, ලේ වැගිරීම් පවා සිද්ද වෙනවා. ඒ නිසා චිත්‍රපටය හැමෝටම නිර්දේශ කරන්නේ නෑ. සුදුසු අය විතරක් නරඹන්න. එහෙනම් තවත් චිත්‍රපටයකින් හමුවෙන බලාපොරොත්තුව ඇතිව මම සමුගන්නවා ඔබට සුභ දවසක් වේවා.

     

     

    • Due to copyright issues we do not provide any torrent links
    • ලබාදි ඇති උපසිරැසි සියළුම අන්තර්ජාලයේ ඇති  WEB / HD පිටපත් සදහා ගැලපේ

     

    Download “Revenge (2017) සිංහල උපසිරැසි” Revenge.2017.Sinhala.Subtitle.rar – Downloaded 653 times – 10 KB

     

    Please notice that we are not providing the torrent file and not responsible for the Subtitle link we provide. If you have any complains about our contents, please email us at admin@zoom.lk

    ගයාන් ගමගේ
    + posts

    Related movies

    ජනප්‍රියතම චිත්‍රපටි

    වැඩිම චිත්‍ර‍පටි උපසිරැසිකරුවන්

    Like us on Facebook

    LEAVE A REPLY

    Please enter your comment!
    Please enter your name here

    Follow us on Instagram