More

    Sita (2019) Sinhala Subtitle (සිංහල උපසිරැසි)

    - Advertisement -
    - Advertisement -
    - Advertisement -

    අපේ ලමා කාලේ කොච්චරනම් නම් සුන්දර එකක්ද?ඉතින් හැමෝටම එහෙම සුන්දර ලමා කාලයක් හම්බවෙනවද?පොඩි කාලේදිම සමහර ලමයින්ට විදින්න වෙන දුක් කරදර අප්‍රමාණයි,ඉතින් අපේ කතාවේ රගුරාම් කියන්නෙත් එයාගේ නැන්දා නිසා පොඩි කාලෙම ගොඩක් මානසිකව දුර්වලතාවයට පත්වෙන අයෙක්,එයා කොච්චර දුර්වල වෙනවද කිව්වොත් අවුරුදු 20ක් ගියාට පස්සෙත් එයාට ඒක බලපානවා,කවුරු හරි හයියෙන් කතා කරොත් එයට දරාගන්න බෑ.. ඒ නිසා අවුරුදු 20ක්ම යනකම් මෙයාව භූතානයේ තියෙන ආශ්‍රමයක අනිත් මිනිස්සුන්ගෙන් වෙන් කරල තමයි ලොකු මහත් කරන්නේ

    ඉතින් මෙයාව මෙහේ නවත්තන්නෙ එයාගේ මාමා,මාමා රගුරාම්ට ගොඩක් ආදරෙයි,ඉතින් මෙයාව පොඩි කාලෙ ආශ්‍රමයේ නවත්තලා යන කොට මාමා රගුරාම්ට දෙයක් කියනවා,ඒ තමයි ” කවදහරි ඔයාව හොයාගෙන සීතා එයි,සීතා ඔයාව බලාගනියි,ඔයා සීතාව බලාගන්න”  කියල. නම සීතා උනාටනම් මෙයගේ වැඩනම් එහෙමම නෙවෙයි,සීතා කියන්නේ කපටිකමෙන් තමන්ගේ වැඩේ කොහොම හරි කරගන්න කෙනෙක්,එයාට ඕනි සල්ලි හම්බකරන්න විතරයි.. මිනිස්සුන්ගේ කිසිම වටිනාකමක් දන්නෙ නැති කෙනෙක්. පොඩි කාලේ ඉදන්ම රගුරාම්ගේ මූනවත් බලන්න කැමති කෙනෙක් නෙවෙයි මෙයා,ඉතින් මෙහෙම ඉන්න මෙයා රගුරාම්ව හොයාගෙන යයිද?

    කතාව පටන් ගන්නේ සීතා බසව (Sonu Sood) දෙන පොරොන්දුවකින්.. ඉතින් සීතා( Kajal Aggarwal ) කොහොම හරි කපටිකමෙන් ඒ පොරොන්දුව ඉෂ්ඨ කරන්නෙ නෑ,ඉතින් බසව කියන්නෙ මන්ත්‍රී කෙනෙක්,එයත් නිකන් ඉන්නෙ නෑ සීතාගෙන් කොහොම හරි පොරොන්දුව ඉටු කරගන්න එයා පුලුවන් හැම දෙයක්ම කරනවා,එයාගේ සමාගමේ ව්‍යාපෘති නවත්වනවා,සීතගේ ක්‍රෙඩිට් කාඩ් ඔක්කොම බ්ලොක් කරනවා,ඉතින් ණය දුන්න අය එක පාරටම එ සල්ලි ආපහු ඉල්ලන්න ගන්නවා,ඉතින් මෙහෙම ප්‍රශ්න එන කොට තමයි සීතට ආරoචිවෙන්නෙ එයාගේ තාත්තා නැති උනා කියල,ඉතින් තාත්ත නැති උනාම කාටද දුක නැත්තේ,ඒත් සීතටනම් දුකක් නෙවෙයි සතුටක් දැනෙන්නේ,මොකද එයාගේ තාත්තට කෝටි 5000ක දේපලක් තියෙනවා,එකම උරුමක්කාරිය විදියට ඒ ඔක්කොම දේපල හම්බවෙන්නෙ සීතට,ඉතින් ඒ දේපල අරගෙන එයාගේ ඔක්කොම ප්‍රශ්න විසදගන්න හිතාගෙන එහෙට යන සීතට,තාත්තගේ අන්තික කැමති ප්‍රත්‍රයේ තියෙන දේ ඇහුවාම තමයි තරු පේන්නේ.. කෝටි 5000ක දේපලින් එයාගේ තාත්තා සීතට ලියල තියෙන්නෙ එයාගේ අම්මගේෙමංගල සුත්‍ර‍ය විතරයි.. ඉතිරි දේපල වලට මොකද උනේ?

    චිත්‍රපටිය අරගෙනම බලන්නකෝ එහෙනම්. යාලට වෙනස්ම සිනමා අත්දැකීමක් වෙයි0 ඔයාලාvacham බලන්න ඇතිනේ ඒකේ ඉන්න දෙපලම තමයි Sita චිත්‍රපටියෙත් ප්‍රධාන චරිත නිරූපනය කරන්නේ,Bellamkonda Sreenivas එක්ක සුරූපි නිලි Kajal Aggarwal.ඉතින් මේකෙන් නම් වීරයා කියන්නෙ බොහොම වෙනස් කෙනෙක්,ඒක බලාගන්න ඉතින් චිත්‍රපටිය බලන්නම වෙනව,Imdb දර්ශකයේ 6.0 අගයක් ලැබිල තියෙන මේ චිත්‍රපටිය අරගෙන බැලුවට කිසිම පාඩුවක් වෙන්නෙනම් නෑ,එහෙනම් ආයෙත් ඉක්මනටම තවත් උපැසිරසියකින් හම්බවෙමු

     

    • Due to copyright issues we do not provide any torrent links
    • ලබාදි ඇති උපසිරැසි සියළුම අන්තර්ජාලයේ ඇති  WEB / HD  පිටපත් සදහා ගැලපේ

     

    Download “සිංහල උපසිරැසි මෙතැනින් ලබාගන්න” Sita.(2019).Sinhala.Subtitle.rar – Downloaded 837 times – 61 KB

     

    Please notice that we are not providing the torrent file and not responsible for the Subtitle link we provide. If you have any complains about our contents, please email us at admin@zoom.lk

    ලහිරු උදයංඟ
    + posts

    Related movies

    ජනප්‍රියතම චිත්‍රපටි

    වැඩිම චිත්‍ර‍පටි උපසිරැසිකරුවන්

    Like us on Facebook

    LEAVE A REPLY

    Please enter your comment!
    Please enter your name here

    Follow us on Instagram