More

    Strange World (2022) Sinhala Subtitle (සිංහල උපසිරැසි)

    - Advertisement -
    - Advertisement -
    - Advertisement -

    වෙනස් විදියකට හිතන්න. අපේ ලෝකේ ඉන්ධන අපිට ලැබුනොත් පැළයකින්… වගා කරලා ගන්න පළදාවෙන් පුළුවන් වුනොත්, අපිට අවශ්‍ය කරන බලය ලබාගන්න.. විදුලිය, වාහන ධාවනය ඇතුළු ‍හැමදේම… ජේගර් ක්ලේඩ් කියන්නේ දක්‍ෂ ගවේෂකයෙක්. එයාගේ එකම අරමුණ වුනේ, ඈත පේන කඳු වලින් එහා තියෙන දේ හොයාගෙන යන එක. හැබැයි, එහෙම යන්න පාරක් හොයාගන්න නෑ. එහෙම හොයාග‍ෙන යන අතරතුර, ජේගර්ගේ පුතා, සර්චර්, හොයාගන්නවා පැන්ඩෝ නම් පැළයක්… ඒකෙන් මුළු ඇවලෝනියාවටම අවශ්‍ය බලය දෙන්න පුළුවන්… ටික කාලයකින්, මේ පැන්ඩෝ මියදෙන්න පටන් ගන්නවා. ඒ පැන්ඩෝට හැදිලා තියෙන අසනීපය හොයාගෙන යන කතාව තමයි මේ චිත්‍රපටියේ තියෙන්නේ. ඒ අතරතුර, හොයාගන්න ලැබෙන අත්භූත ලෝකයක් ගැනත් මේකෙන් දැනගන්න පුළුවන්.

    Don Hall විසින් අධ්‍යක්‍ෂණය කරපු මේ චිත්‍රපටිය, Roy Conli තමයි නිෂ්පාදනය කලේ. Walt Disney Pictures ආයතනයේ හත්වෙනි animated film එක මේ. තව විශේෂ දෙයක් කියන්න ඕනේ. Walt Disney Pictures ආයතනය විවෘතව සමලිංගික සම්බන්ධතා ගැන කතා කරපු පළවෙනි චිත්‍රපටිය මේක. තම කටහඬ ලබාදෙමින් චිත්‍රපටිය වර්ණවත් කරපු අය, Dennis Quaid (ජේගර් ක්ලේඩ්), Jake Gyllenhaal (සර්චර් ක්ලේඩ්), Jaboukie Young-White (ඊතන් ක්ලේඩ්), Gabrielle Union (මෙරීඩියන්) ඇතුළු පිරිසක්.

    වෙනස් විදියක කතාවක් රසවිඳින්න කැමති අයට මේක හොඳ අවස්ථාවක්. මේ සිංහල උපසිරැසිය ඒ රසවින්දනයට උපකාරි වෙයි කියලා හිතනවා. හැමදාම කියනවා වගේ, අපේ උපසිරැසි වල තියෙන හොඳ නරක, අඩුපාඩු, ගල් මල්, අපිට කියන්න. ඒකෙන් අපේ උපසිරැසි වල ගුණාත්මක බව වැඩි කරගන්න පුළුවන්. එහෙනම්, හොඳින් රස විඳින්න. ජයවේවා!!

     

    • Due to copyright issues we do not provide any torrent links
    • ලබාදි ඇති උපසිරැසි සියළුම අන්තර්ජාලයේ ඇති වෙබ් පිටපත් සදහා ගැලපේ
    • SRT හා IDX TV ලෙස උපසිරැසි නිකුත් කර ඇත. 

     

    Download “Strange World (2022) සිංහල උපසිරැසි” Strange.World.(2022).Sinhala.Subtitle.rar – Downloaded 2544 times – 806 KB

     

    Please notice that we are not providing the torrent file and not responsible for the Subtitle link we provide. If you have any complains about our contents, please email us at admin@zoom.lk

    නිලුෂ හේමාල් අලහකෝන්
    + posts

    Related movies

    ජනප්‍රියතම චිත්‍රපටි

    වැඩිම චිත්‍ර‍පටි උපසිරැසිකරුවන්

    Like us on Facebook

    2 COMMENTS

    1. චිත්‍රපටයක , ටෙලි සිතුවමක 
      උපරිම රසස්වාදය අප හට ලබා දීම සඳහා
      ඔබ ඇතුලු සියලුම  සොයුරු සොයුරියන්
      මේ කරන්නාවූ අමිල මෙහෙවර වෙනූවෙන්
      මාගේ ගෞරවණීය ප්‍රණාමය පුද කරමි.
      ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!!
      ඔබටත් , ඔබ පවුලේ සැමටත්
      බුදු සරණයි – දෙවි පිහිටයි …!!

    LEAVE A REPLY

    Please enter your comment!
    Please enter your name here

    Follow us on Instagram