More

    Sweet Home (2015) Sinhala Subtitle (සිංහල උපසිරැසි)

    - Advertisement -
    - Advertisement -
    - Advertisement -

    දේපළ අලෙවි තැරැව්කාරිනියක් විදියට සේවය කරන ඇලීෂියා රාජකාරි කටයුත්තක් වෙනුවෙන් නිවාස සංකීර්ණයක් පිහිටි පරණ ගොඩනැගිල්ලකට යනවා. එම ගොඩනැගිල්ලේ දැනට පදිංචිව ඉන්නේ එක් මහලු පුද්ගලයෙකු පමණයි. අනෙක් ‍සියලුම පදිංචිකරුවන් ගොඩනැගිල්ලෙන් ඉවත් වෙලා ගිහින්. රාජකාරි කටයුත්තෙන් පස්සේ ඉන් නික්මිලා යන ඇයට අපූරු අදහසක් පහළ වෙනවා. ඒ තමයි තමන්ගේ පෙම්වතාගේ උපන් දිනය එම ගොඩනැගිල්ලේ ඇතුලේ සමරන එක. ගොඩනැගිල්ලෙ බාදා කරන්න කවුරුවත් නොමැති නිසාත්, එහි යතුරු තමන් ලඟ තිබෙන නිසාත්, අමතර වියදමක් දරන්න වුවමනා නැති නිසාත්, ඇය එම ගොඩනැගිල්ලෙම එක මහලක් තෝරගන්නවා ඇයගේ පෙම්වතා සමග ඔහුගේ උපන් දිනය සමරන්න. ඇය පෙම්වතා සමගින් රාත්‍රී කාලයේ ගොඩනැගිල්ට ඇතුලු වෙලා සුන්දර පුංචි උපන් දින සාදයක් පවත්වනවා. හැබැයි හීනෙනවත් නොසිතූ විරූ සිද්දි මාලාවකට තමයි ඔවුන් දෙදෙනාට එතනින් එයාට මුහුණ දෙන්න වෙන්නේ. ඒ බිහිසුණු අත්දැකීම් මාලාවට ඔවුන් කොහොම මුහුණ දේවිද කියන එක බලාගන්න ඔබට චිත්‍රපටය කරඹන්නම වෙනවා.

    Rafa Martínez විසින් අධ්‍යක්ෂණය කරපු Sweet Home චිත්‍රපටය ස්පාඥ ‍භාෂාවෙන් නිකුත් වුවක්… එත් මෙහි ඉංග්‍රිසි දෙබස් පවා බොහෝ ලෙසින් අන්තර්ගත වෙලා තියෙනවා. 5.2/10 ක IMDB දර්ශක අගයක් ලබා ගත් මෙම චිත්‍රපටයේ Ingrid García Jonsson සහ Bruno Sevilla ප්‍රධාන චරිතයන්ට පණ පොවනවා. මෙම චිත්‍රපටය Horror, thriller ‍යන වර්ගීකරණයන්ට අයත්. තවත් චිත්‍රපටයක උපසිරැසි සමගින් හමුවන බලාපොරොත්තුවෙන් මම සමුගන්නවා. ඔබට සුභ දවසක්!

     

    • Due to copyright issues we do not provide any torrent links
    • ලබාදි ඇති උපසිරැසි සියළුම අන්තර්ජාලයේ ඇති  BluRay පිටපත් සදහා ගැලපේ

     

    Download “සිංහල උපසිරැසි මෙතැනින් ලබාගන්න” Sweet.Home.2015.Sinhala.Subtitle.rar – Downloaded 257 times – 12 KB

     

    Please notice that we are not providing the torrent file and not responsible for the Subtitle link we provide. If you have any complains about our contents, please email us at admin@zoom.lk

    ගයාන් ගමගේ
    + posts

    Related movies

    ජනප්‍රියතම චිත්‍රපටි

    වැඩිම චිත්‍ර‍පටි උපසිරැසිකරුවන්

    Like us on Facebook

    1 COMMENT

    LEAVE A REPLY

    Please enter your comment!
    Please enter your name here

    Follow us on Instagram