More

    Wonka (2023) Sinhala Subtitle (සිංහල උපසිරැසි)

    - Advertisement -
    - Advertisement -
    - Advertisement -

    Wonka (2023) Sinhala Subtitle

     

    වොන්කා කියන්නේ ලෝක ප්‍රසිද්ධ නවකතාවක එන චරිතයක්. Roald Dahl ගේ චාලි සහ චොකලට් කර්මාන්තශාලාව (Charlie and the Chocolate Factory) පොත කියවලා නැති පොඩි දරුවෙක් හොයාගන්න නැති තරම්. ඒ කතාවේ පොඩි දරුවාගේ චරිතය මුල් කරගෙන නිර්මාණය වුණු චිත්‍රපටි කීපයක්ම හොලිවුඩයේ තිබ්බා. ඒ අතරින් සමහර ඒවා, කාටූන් හෝ ඇනිමේෂන් චිත්‍රපටි. සජීවි නළු නිලියන් භාවිතා කරමින් නිර්මාණය වුණු චිත්‍රපටි තුනක් තියෙනවා. Willy Wonka & the Chocolate Factory (1971) සහ Charlie and the Chocolate Factory (2005). මේ අද මම උපසිරැසිය අරගෙන ආවේ, ඒ තුන්වෙනි චිත්‍රපටියට. Wonka (2023).

    මේ චිත්‍රපටියේදී විලි වොන්කා කියන්නේ, චොකලට් හදන්න ආශාවෙන් ඉන්න තරුණ කොල්ලෙක්. අම්මාගේ අඩි පාරේ යමින්, හොඳම වර්ගයේ චොකලට් හදන්න එයා ඉගෙනගත්තා. ජීවිතේ ලොකුම හීනය විදියට තිබුනේ, චොකලට් රසාගාරයක කඩයක් විවෘත කරගන්න. ඒකේ රසම රස චොකලට් විකුණන්න. හැබැයි, මේ ධෛරයවන්ත විලි වොන්කා, කොහොමහරි තමන්ගේ හීනය හැබෑ කරගන්න ගියත්, මුහුණ දෙන්න සිදුවෙන්නේ හිතාගන්න බැරි කරදර ගොඩකට. මේවා ගැන දැනගන්න, මේ චිත්‍රපටිය රසවිඳින්න.

    Warner Bros. Pictures විසින් බෙදාහැරීමේ කටයුතු බාරගත්ත මේ චිත්‍රපටිය අධ්‍යක්ෂණය කලේ Paul King විසින්. රඟපෑමෙන් දායක වුනා, Timothée Chalamet (විලි වොන්කා), Calah Lane (නූඩ්ල්), Keegan-Michael Key (පොලිස් ලොක්කා), Paterson Joseph (ස්ලග්වර්ත් මහතා) ඇතුළු අති විශාල පිරිසක්.

    මේ චිත්‍රපටිය ලබාගෙන තියෙන web ratings ගැනත් නොකියා ඉන්න බෑ. මේ ලිපිය ලියන මොහොත වෙනකොට, IMDb 7.2, Rotten Tomatoes 83%, Metacritic 66%, Google Users 75% වගේ අරගෙන තිබ්බා. හැම තැනකින්ම ඉහලම තැනක් අරගන්න හැම නිර්මාණයකටම බෑ. මේ චිත්‍රපටිය ඒ අතින් සාර්ථක වෙලා තියෙන්නේ. ඩොලර් මිලියන 125ක අයවැයකින් නිර්මාණය වුණු චිත්‍රපටිය, මේ වෙනකොට ඩොලර් මිලියන 552.1 ඉක්මවා ගිහින් තියෙනවා. අතිසාර්ථක නිර්මාණයක්.

    විස්තර කිව්වා ඇති. එහෙනම් හැමෝම, මේ සිංහල උපසිරැසිය එක්ක චිත්‍රපටිය රස විදින්න. හැමදාම කියනවා වගේ, මේ අපේ උපසිරැසි වල හොඳ නරක, ගුණ දොස්, වැරදි අඩුපාඩු, ගල් මල් අපිට කියන්න. හැමෝටම ජයවේවා!!!

     

     

    • Due to copyright issues we do not provide any torrent links
    • ලබාදි ඇති උපසිරැසි අන්තර්ජාලයේ ඇති බ්ලුරේ හා වෙබ් පිටපත් සදහා ගැලපේ
    • SRT හා IDXTV ලෙස උපසිරැසි නිකුත් කර ඇත.
    • විඩියෝ පිටපත් සුම් ලින්ක් හබ් වෙබ් අඩවියෙන් පහසුවෙන් ලබාගත හැක

     

    Download “Wonka (2023) සිංහල උපසිරැසි” Wonka.(2023).Sinhala.Subtitle.rar – Downloaded 1595 times – 1 MB

     

    Please notice that we are not providing the torrent file and not responsible for the Subtitle link we provide. If you have any complains about our contents, please email us at admin@zoom.lk

     

    නිලුෂ හේමාල් අලහකෝන්
    + posts

    Related movies

    ජනප්‍රියතම චිත්‍රපටි

    වැඩිම චිත්‍ර‍පටි උපසිරැසිකරුවන්

    Like us on Facebook

    1 COMMENT

    LEAVE A REPLY

    Please enter your comment!
    Please enter your name here

    Follow us on Instagram