More

    Ayalaan (2024) Sinhala Subtitle (සිංහල උපසිරැසි)

    - Advertisement -
    - Advertisement -
    - Advertisement -

    Ayalaan (2024) Sinhala Subtitle

    ඔන්න ඉතින් උත්සව සමය වෙච්ච ජනවාරියේ තිරගත වූ තවත් චිත්‍රපටයට උපසිරැසි අරන් ආවා.විශේෂයෙන්ම දමිළ ජනතාව ජයටම සමරන පොංගල් උත්සවයට සමගාමීව, දමිළ චිත්‍රපට තුනක් ගැටුනා. ඒ තමයි ධනුෂ්ගේ කැප්ටන් මිලර්, අරුන් විජේගේ මිෂන් සහ සිවකාර්තිකයන්ගේ අයලාන්. චිත්‍රපට ගොන්නක් එක්ක තරග වැදුණු අයලාන් තනිකරම පවුලත් එක්ක රස විඳින්න පුළුවන් චිත්‍රපටයක්. අපි දන්න කරුණක් තමයි ශිවා කියන්නේ පොඩි ළමයි ගොඩක් ආදරය කරන නළුවෙක්. ඔහුගේ චිත්‍රපට වල දුම්බීම් මත්පැන් වැනි දර්ශන නෑ, ලේ වැගිරෙන සටන් ජවනිකා වල දර්ශන නෑ, ලිංගිකත්වය පෙන්වන දර්ශන නෑ. ඉතින් මේකත් පොඩි ළමයි සමඟ බලන්න පුළුවන් චිත්‍රපටයක් කියලා ඔයාලට යෝජනා කරනවා.

    චිත්‍රපටය වැඩ කටයුතු පටන් ගන්නේ නම් 2018 වර්ෂයේදී. නොයෙක් නොයෙක් ගැටළු නිසා ඇදී ගියා. මුල්‍යමය ගැටළු, කොවිඩ් වසංගතය වැනි හේතූන් නිසා. අවසාන වශයෙන් මේ අවුරුද්දේ පොංගල් දිනයට සමගාමීව තිරගත කරන්න නිෂ්පාදක කණ්ඩායමට හැකි උනා. ශිවා කියන්නේ වෙනස්ම විදිහේ ස්ක්‍රිප්ට් හොයාගෙන යන නළුවෙක්. ඒ බව ශිවාගේ මෑත කාලීනව ආපු Doctor (2021), Don (2022), Prince (2022), Maveeran (2023) චිත්‍රපටය වලින් පේනවා. මේකත් ශිවා අලුතෙන් උත්සහ කරපු චිත්‍රපටයක්. දමිළ සිනමාවේ ප්‍රථම වතාවට තමයි මේ විදිහේ චිත්‍රපටයක් එළි දැක්වෙන්නේ. විද්‍යා ප්‍රබන්ධ සහ හාස්‍ය යන ශාරයට මේ චිත්‍රපටය අයිති වෙනවා. චිත්‍රපටය අධ්‍යක්ෂණය කරන්නේ රවී කුමාර්. මොහුගේ ඉන්ඩෘ නේටෘ නාලෙයි චිත්‍රපටය බලපු අය දන්නවා මොහු ගැන. ශිවා ඒ චිත්‍රපටය බලලා පැහැදිලා තමයි මොහුව සම්බන්ධ කරගත්තෙත් කියලා ටීසර් පටය නිකුත් කරද්දී කියලා තිබ්බා.

    ඒ වගේම සංගීතයෙන් දායක වෙන්නේ ඒ.ආර් රහුමාන් විසිනි. මෙහි සංගීතය ද විශිෂ්ඨ මට්ටමක පවතිනවා. ශිවාකාර්තිකෙයන් සමග රංගනයෙන් දායක වෙනවා රකුල් ප්‍රීත් සිං,යෝගී බාබු, කරුණාකරන්,බාලා සරවනන්,ඉෂා කොප්පිකර්,සරද් කෙල්කර් කියන රංගන කැල. ඉතින් ශිවාට මීට අමතර SK21 චිත්‍රපටය කමල් හසන්ගේ නිෂ්පාදනය යටතේ. ඉන්පසුව SK22 ඒ.ආර්. මුරුගාදාස් යටතේ. බලමු ඉස්සරට අපි, ශිවා මොන අඩව්වක් අල්ලයිද කියලා.

    කතාව පැත්තට ගියොත්, තමිල් කියන්නේ ගමේ ගොවිතැන් කරලා ඉන්න කොල්ලෙක්. එයාගේ විශේෂත්වය තමයි සතා සිවුපාවට මෙයා ගොඩක් ආදරේ කරනවා. හොඳ දේවල් කරන් හිටියත් ගමේ මිනිස්සුන්ට නම් ඒවා දිරවන් නෑ. මේ නිසා තමිල්ගේ අම්මා තීරණය කරනවා බොරු ණයක් ගැන කියලා, එයාව නගරයේ ඉන්න යාළුවෙක්ගෙ දිහා යවන්න.එහෙට ගිහින් ඉද්දී තමයි හදිස්සියෙම පිටසක්වලයක්ව හම්බෙන්නේ. ඒ ජීවියා එන්නේ එක පරාමාර්ථයක්ද ඇතුව. ඒ තමයි, මිනිස්සු පෘථිවියේ හරය හාරලා කරන්න යන කැණීමක් නවත්තන්න. ඉතින්, කොහොමද පිටසක්වලයයි තමිලුයි මේ දේ කරන්නේ. පිටසක්වලයා කොහොමද මිනිස්සු එක්ක ඉන්නේ. ඔන්න එහෙනම් කුඩා දරුවන් එක්ක නරඹන්න ආරාධනා කරනවා! අරගෙන බලන්න.

    මේ චිත්‍රපටයය නිර්මාණයට VFX 4500 අධික ප්‍රමාණයක් යොදාගත් බව නිෂ්පාදක කණ්ඩායම කියලා තියෙනවා. ඉතින් ඔයාලා මේක ගුණාත්මක බවින් ඉහළ පිටපතක් අරගෙන බලනවා නම් හොඳ අද්දැකීමක් ලැබෙයි.

    උපසිරැසියක් ඉක්මනින් ඔයාලට ලබාදීමට උදව් කරපු ලහිරු උදයංග සහ අශේන් කවිඳු අයියලාටත් ස්තූතියි පුද කරනවා.

    හැමෝටම ජය!

     

     

    • Due to copyright issues we do not provide any torrent links
    • ලබාදි ඇති උපසිරැසි අන්තර්ජාලයේ ඇති එච් ඩි පිටපත් සදහා ගැලපේ
    • SRT හා IDXTV ලෙස උපසිරැසි නිකුත් කර ඇත.
    • විඩියෝ පිටපත් සුම් ලින්ක් හබ් වෙබ් අඩවියෙන් පහසුවෙන් ලබාගත හැක

     

    Download “Ayalaan (2024) සිංහල උපසිරැසි” Ayalaan.(2024).Sinhala.Subtitles.rar – Downloaded 4335 times – 1 MB

     

    Please notice that we are not providing the torrent file and not responsible for the Subtitle link we provide. If you have any complains about our contents, please email us at admin@zoom.lk

    දිලිප මධුෂාන්
    + posts

    Related movies

    ජනප්‍රියතම චිත්‍රපටි

    වැඩිම චිත්‍ර‍පටි උපසිරැසිකරුවන්

    Like us on Facebook

    6 COMMENTS

    1. අනිත් අය වෙනුවෙන්,තමන්ගේ කාලය කැප කරගෙන,
      සබ් එක දුන්නට, ආදරෙයි..ආ ..❤
      Typing හැකියාව හා English දැනුම තව තවත්
      වැඩිවේවා…✌

    LEAVE A REPLY

    Please enter your comment!
    Please enter your name here

    Follow us on Instagram