today-is-a-good-day
More

    Bhediya (2022) Sinhala Subtitle (සිංහල උපසිරැසි)

    - Advertisement -
    - Advertisement -
    - Advertisement -

    Bhediya (2022) Sinhala Subtitle

     

    මේ චිත්‍රපටියේ හොද කොපියක් එන්න පරක්කු උනා වගේ ඉතින් සබ් එක කරලා දෙන්නත් ටිකක් පමා උනා. හැබැයි කොහොම හරි මේක කරලා අරන් ආවා. ගොඩක් අය දන්නවා ඇතිනේ මේ චිත්‍රපටියට ස්ත්‍රි ෆිල්ම් එකේ කැමියෝ එකක් තියනවා කියලා. ඉතින් ඒකත් හේතුවක් උනා මේක කරන්න..

    අමර් කෞෂික් විසින් අධ්‍යක්ෂණය කරන ලද මේ චිත්‍රපටියේ ප්‍රධාන චරිත ලෙස වරුන් ධවාන්,ක්‍රිති ෂැනොන් රංඟනයෙන් දායක වෙනවා. මං කලින් කිව්වා වගේ මේක Dinesh Vijan’s horror-comedy universe එකේ තුන්වැනි චිත්‍රපටිය. කලින් ආපු Stree (2018) හා Roohi (2021) චිත්‍රපටි මේ චිත්‍රපටියෙන් අනතුරුව එන චිත්‍රපටි වලට කෙලින්ම සම්බන්ධ වෙනවා. අද මේ අරන් ආපු කතාව ගැන කියනවා නම්, බාස්කර් තමන්ගේ සහෝදරයා ජානාදන් එක්ක අරුනාචල් ප්‍රදේශ් වලට එනවා සංවර්ධන ව්‍යාපෘතියක් ගැන බලන්න. මේ අයගේ අරමුණ තමයි විශාල කැලයක් එලිකරලා ලොකුපාරක් හදන එක. ගම්මු මේකට කැමැති වෙන්නේ නැහැ. නමුත් බාස්කර් තමන්ගේ කපටි මොලේ පාවිච්චි කරලා ගම්මුන්ව පොළබව ගන්නවා. මේ ගමේදි මේ අයට උදව් කරන කෙනා තමයි පැන්ඩා.. මෙයා නම් බාස්කර්ට අනතුරු අගවනවා වනාන්තරයට අත තියන එක නම් හොද නැහැ මොකද වනාන්තරයේ විශානෝ කියලා අවතාරයක් තියනවා ඒක කැලේට මොනා හරි උනොත් කැලේ ආරක්ෂා කරන්න එනවා කියලා. මේ කිසිම දෙයක් බාස්කර් කනකට නොගෙන තමන්ගේ වැඩේ කරගෙන යනවා. ඒ අතර වෙලාවේදි තමයි බාස්කර්ව නොහිතපු වෙලාවක කැලේ වෘකයෙක්ට අහුවෙන්නේ.. එතැනින් එහාට බාස්කර්ට අත්විදින්න වෙන්නේ නොහිතන අත්දැකිමක්. එහෙනම් අරන් බලන්න කියලා ආරාධනා කරනගමන් සමුගන්නවා.

     

     

    • Due to copyright issues we do not provide any torrent links
    • ලබාදි ඇති උපසිරැසි සියළුම අන්තර්ජාලයේ ඇති HD පිටපත් සදහා ගැලපේ
    • SRT හා IDXTV ලෙස උපසිරැසි නිකුත් කර ඇත.
    • විඩියෝ පිටපත් සුම් ලින්ක් හබ් වෙබ් අඩවියෙන් පහසුවෙන් ලබාගත හැක

     

    Download “Bhediya (2022) සිංහල උපසිරැසි” Bhediya.(2022).Sinhala.Subtitle.rar – Downloaded 4185 times – 1 MB

     

    Please notice that we are not providing the torrent file and not responsible for the Subtitle link we provide. If you have any complains about our contents, please email us at admin@zoom.lk

    දර්ශණ නිශාන්ත පීරිස්
    + posts

    Founder & Owner - Zoom.Lk
    SRI LANKAN 🇱🇰 කෝට්ටේ 🏡
    Traveler 🚶Train Lover 🚂
    emotional eater 🍝️🥪
    MI Fan 📱MI 9T PRO user

    Related movies

    ජනප්‍රියතම චිත්‍රපටි

    වැඩිම චිත්‍ර‍පටි උපසිරැසිකරුවන්

    Like us on Facebook

    4 COMMENTS

    1. ගොඩක්ම ස්තූතියි දර්ශණ සොයුර ……….
      ඔබට සහ ඔබ පවුලේ සැමටත්
      මෙම වෙබ් අඩවියේ සියලුම  සොයුරු සොයුරියන්ටත්
      බුදු සරණයි – දෙවි පිහිටයි ……..!

    LEAVE A REPLY

    Please enter your comment!
    Please enter your name here

    Follow us on Instagram