spot_img

Lust Stories (2018) Sinhala Subtitle (සිංහල උපසිරැසි)

- Advertisement -
- Advertisement -
- Advertisement -

අද අරන් ආවේ තවත් හින්දි චිත්‍ර‍පටියක්. හැබැයි මේක සිනමා ශාලා වල තිරඟත වුවක් නම් නෙමෙයි. නේට්ෆිල්ක් ආයතනය විසින් බෙදාහරිනු ලැබු චිත්‍ර‍පටියක්. මේ නෙට්ෆිල්ක්ස් ආයතනය විසින් නිශ්පාදනය කරපු දෙවැනි චිත්‍ර‍පටියද වනවා

මේ චිත්‍ර‍පටියේ විශේෂත්වයක් වන්නේ බොලිවුඩයේ අධ්‍යක්ෂකවරුන්ගේ කතා හතරක් මේ චිත්‍ර‍පටිය තුල දිග හැරිමයි… Anurag Kashyap, Zoya Akhtar, Dibakar Banerjee, හා Karan Johar මේ අධ්‍යක්ෂකවරුන් සිව්දෙනා බවට පත්වෙනවා. නෙල්ලි ගෙඩියක රස 7ක් තියනවා වගේ මේ චිත්‍ර‍පටියේ කතා හතරේ විවිධ රස හතරක් තියනවා එකම මාතෘකාව පිළිබද කතා කලාට. ඒක නිසා ඔයාටත් ඇතැම් විට මේ කතා හතරින් වැඩිපුරම කැමැති කතාවක් විදින්න ලැබේවි. මේ චිත්‍ර‍පටියේ කතා හතරට රංඟනයෙක් දායක වෙනවා Kiara Advani, Radhika Apte, Bhumi Pednekar, Manisha Koirala, Vicky Kaushal, Neil Bhoopalam, Neha Dhupia, Sanjay Kapoor, Jaideep Ahlawat, හා Akash Thosar වැනි නළු නිලියන් පිරිසක්. මේ හැම කෙනෙක්ම ඔබ හින්දි සිනමාවේ දැකපු අය. මේ චිත්‍ර‍පටියේ නිශ්පාදන පරිවැය දරන්නේ Ronnie Screwvala හා Ashi Dua විසින්. මෙහි ලොවපුරා බෙදා හැරිමේ අයිතිය හිමිකරගන්නවා Netflix ආයතනය මගින්.

චිත්‍ර‍පටියේ කතා හතර ගැන සැකෙවින් කිව්වොත් පලවෙනි කතාව අධ්‍යක්ෂනය කරන්නේ Anurag Kashyap විසින්…. ගුරුවරියක් හා සිසුවෙක් අතර ඇතිවෙන සම්බන්ධයක් හා ඒ සම්බන්ධය කෙසේ කෙලවර වේවිද යන්න වඟ ඒ කතාවෙන් දැනගන්න පුලුවන්…දෙවැනි කතාංගය අධ්‍යක්ෂණය කරන්නේ Zoya Akhtar විසින්… එහි සිදුවන්නේ සේවිකාවක් සහ ඇයගේ හාම්පුතා අතර පවතින ලිංගික බැදීමක කතා පුවතක්… තෙවැනි කතාව Dibakar Banerjee අධ්‍යක්ෂණය කරන අතර එයින් පෙන්වන්නේ ධනවත් ව්‍යාපාරිකයෙකු හා විවාහවූ රූමත් ගැහැණියකගේ තමන්ගේම මිතුරා සමඟ ඇති අනියම් සම්බන්ධතාවයක කතා පුවතක්… අවසන් කතාව වෙන සිව්වැනි කතාව අධ්‍යක්ෂණය කරන්නේ Karan johar විසින් විවාහ ජීවිතයේ ලිංගික සතුටක් නොලබන රුමත් තරුණ බිරිදක් හා එම බිරිදගේ ලිංගික අවශ්‍යතා ගැන වැටහීමක් නොමැති සැමියෙක් වගේම සාම්ප්‍රදායික අදහස් ඇති නැන්දම්මා කෙනෙක්ගේ චරිත වලින් යුතු මේ කතාවේ සාම්‍ප්‍රධායික ඉන්දියානු අදහස් සහ නව පරපුරේ කාන්තාවන්ගේ අවශ්‍යතාවන් ගැටෙනා ආකාරය පෙන්වා දෙනවා..

කතා හතරෙන්ම මුලික වශයෙන් කාන්තාවන් තමන්ගේ සම්බන්ධකම් වලදි මුණ දෙන ගැටළු වගේම මනෝභාවයන් පිලිබදව මනා දැක්මක් පෙන්වන්නට අධ්‍යක්ෂකයින් සිව් දෙනාම උත්සහා කර තිබෙනවා. එහෙනම් වෙනස් හින්දි නිර්මාණයක් අත්දකින්න කැමැති නම් මේ චිත්‍ර‍පටිය ඔබට මනාව ගැලපේවි

 

 

  • Due to copyright issues we do not provide any torrent links
  • ලබාදි ඇති උපසිරැසි සියළුම අන්තර්ජාලයේ ඇති  WEB / HD පිටපත් සදහා ගැලපේ

 

 

Please notice that we are not providing the torrent file and not responsible for the Subtitle link we provide. If you have any complains about our contents, please email us at [email protected]

දර්ශණ නිශාන්ත පීරිස්
+ posts

Founder & Owner - Zoom.Lk
SRI LANKAN 🇱🇰

Related movies

ජනප්‍රියතම චිත්‍රපටි

වැඩිම චිත්‍ර‍පටි උපසිරැසිකරුවන්

Like us on Facebook

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Follow us on Instagram