Dhamaal 4 (2026) Sinhala Subtitle
Indra Kumar විසින් අධ්යක්ෂණය කරන ලද ධමාල් චිත්රපටි මාලාවේ සිව් වැන්න තමයි මේ අරන් ආවේ. මේක නම් පවුලේ සැමට කිසිම කම්මැලි කමක් නැතුව බලන්න පුලුවන් චිත්රපටියක්. මං කලින් දුන්න වෙල්කම් ටු ද ජංගල් ෆිල්ම් එකට වඩා නම් මේක 100%ක්ම කොමඩියි කතාවයි අතින් නියමයි කියලා නම් කියන්න පුලුවන්. මෙහි නළු නිලියෝ ලෙස අජේ දේව්ගන්,අර්ෂද් වර්ෂි,රිතේෂ් දේෂ්මුක්,
ජාවේද් ජාෆ්රි,රවි කිෂාන්,සංජේ මිශ්රා,උපේන්ද්ර ලිමයේ,අංජලී ආනන්ද්,සංජීදා ෂෙයික් හා ඊෂා ගුප්තා රංඟනයෙන් දායක වෙනවා….
හරි, එහෙනම් අපි කතාව පැත්තට හැරුණොත්,
අධූරා කියන්නේ දූපතක තියෙන සැඟවුණු නිධානයක් පස්සෙන් යන මුහුදු කොල්ලකරුවෙක්. එයාව ඒ නිධානය ළඟටම එක්කන් යන්න පුළුවන් එකම කෙනා පෘථිවි. හැබැයි පෘථිවි කියන්නේ තමන්ගේම යාළුවා උන ගුඩ්ඩුව පාවලා නිධානේ තනියම ගන්න යන කෙනෙක්… කොහොම හරි අන්තිමට පෘථිවිට වෙන අකරතැබ්බයක් නිසා අවසාන මොහොතේ තමන්ගේ යාළුවා වන ගුඩ්ඩුට නිධානේ තියන තැන කියනවා. මේ නිධානේ කියන තැන පාථිවි කියද්දි ඒක අහගෙන ඉන්නේ ගුඩ්ඩු විතරක්ම නෙමෙයි.. එතැන තව කිප දෙනෙක්ම ඉන්නවා… ඒ අතර සල්ලිකාර කෙල්ලෙක්ව බැඳලා පොහොසත් වෙන්න හින මවලා හදලා ඒක වරද්ද ගත්තු ලල්ලන් …. තමන්ගේ බිරිද එක්ක ගමනක් යන්න ආව අදියි එයාගේ මල්ලි මානවුයි ඉන්නවා… මේ හැමෝටම පෘථිවි කිව්ව නිධානේ තියන තැන දැනගන්න ලැබෙනවා. හැබැයි තියන තන්හාවට මේ හැමෝම මේක තම තමන් මේක අයිති කරගන්න හදන්නේ… ඒ නිසා එකිනෙකාට අංචි ඇදලා වල කපලා මේ නිධානේ ගාවට යන විදිය වගේම මේක ගන්න යද්දි මේ අයට මුණ දෙන්න වෙන සිදුවිම තමයි චිත්රපටියේ පුරාවටම තියෙන්නේ.
කොහොම හරි ධමාල් 4 කියන්නේ හැම වයස් කාණ්ඩයකටම ගැලපෙන, පවුලේ හැමෝටම එකතු වෙලා බලන්න පුළුවන් පවුලේ විනෝදාස්වාදය සපයන චිත්රපටයක් ඒක නිසා මඟහැර ගන්නේ නැතුව අරන් බලන්න කියලා ආරාධනා කරනවා.
⛔ Due to copyright issues we do not provide any torrent links

දර්ශණ නිශාන්ත පීරිස්
Founder & Owner - Zoom.Lk
SRI LANKAN 🇱🇰












සබ්එකට තෑන්ක්ස් මචං